දියණියගේ දරුගැබ නැතී කරන්න ගිය මවට වැඩ වරදි

Corona virus covid 19 Sri la ka
By Sithumi Jul 25, 2021 03:15 PM GMT
Sithumi

Sithumi

Report

බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.   

අත්අඩංගුව ගත් මව කොළඹ පිහිටි දෙපාර්තමේන්තුවක රාජ්‍ය කළමනාකාර සහකාරවරියක බව ද පොලිසිය සඳහන් කරයි. ජෝතිෂ්‍ය වේදිකයකුගේ අනාවැකියක් පිළිගත් මෙම මව මේ ආකාරයෙන් දියණියගේ දරුගැබ විනාශ කිරීමට කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණයවී ඇත. 

 අවුරුදු 24 බාස 10ක් යන තෙක් තම දියණියට දරුවකු ප්‍රසූත කිරීම සිදුසු නොවන බව එම ජ්‍යොතිෂ වේදියා පවසා ඇත. ඒ අනුව දරුවකු ලැබීමට සූදානම් වූ දියණිය බෑනා නැති අතරේ පැහැරගෙන ගොස් මේ ආකාරයෙන් දරු ගැබ විනාශ කිරිමට සූදානම් වී ඇත. ගැබිණි දියනියට කිසියම් පෙතිවර්ගයක් බීමට සලස්වා ඇතැයි ද දැනගන්නට ඇත.

ගැබිණිය රඳවා සිටි නිවෙසින් හොර රහසේ පැන කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට සියලු විස්තර දැන්වීමෙන් පසු පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත කිරිබත්ගොඩ පොලිසියට එහි විමර්ශන බාරදීමෙන් පසු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.