වලාන කළඹමින් මහ මඟදි පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මිනුවම්පිටිය පොදු සුසාන භූමියක් අසලින් හමුවෙයි [UPDATE]
පානදුර, වලාන, මහනාම මාවත ප්‍රදේශයේ දී පැහැර ගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමා ගොස් සිටියදී හමුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සුසාන භූමිය අසල සිටි ව්‍යාපාරිකයාව මේ වන විට ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඊයේ (29) රාත්‍රියේ අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳ සමඟ මෝටර් රථයෙන් නිවස බල පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේ දී මෝටර් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයේ වීදුරු කඩා ඔහුව මෙසේ පැහැර ගෙන ගොස් තිබුණා.
වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල
මෙම නාඳුනන කණ්ඩායම ව්‍යාපාරිකයාව පැහැරගැනීමට උත්සාහ කිරීමේ දී ව්‍යාපාරිකයා සිය මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ අතර, එහිදී මෝටර් රථය මාර්ගයේ තිබූ කාණුවකට වැටී ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.
එසේම අඳාළ පැහැරගැනීම ව්‍යාපාරිකයාගේ ඥාති පුද්ගලයෙකු විසින් සිදුකර ගෙන ඇති බවට මේ වන විටත් තොරතුරු හෙළි වී ඇති බව පවසයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.