වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල
පානදුර, වලාන, මහනාම පාරේදී පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු නිවසට පැමිණෙමින් සිටියදී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (29) රාත්‍රී 10ට පමණ අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳ සමඟ මෝටර් රථයෙන් නිවස බල පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේ දී මෝටර් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් ව්‍යාපාරිකයාට පහරදී ඔහුගේ මෝටර් රථයේ වීදුරු කඩා ඔහුව මෙසේ පැහැරගෙන ගොස් ඇතැයි පානදුර දකුණ පොලීසිය සඳහන් කරයි.
එම සිද්ධියෙන් අඳාළ ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එමෙන්ම නාඳුනන කණ්ඩායම අදාළ ව්‍යාපාරිකයාව පැහැරගැනීමට උත්සාහ කිරීමේ දී ව්‍යාපාරිකයා සිය මෝටර් රථය නොවනවත්වා ධාවනය කර තිබෙන අතර, එහිදී මෝටර් රථය මාර්ගයේ තිබු කාණුවකට ඇද වැටී තිබෙනවා.
අනතුරුව පැහැරගැනීමට පැමිණි පිරිස ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ වීදුරු කඩා ව්‍යාපාරිකයාව එළියට ගෙන ඔහුට පහරදී ඔවුන් පැමිණි මෝටර් රථයේ දමාගෙන පිටව ගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් අඳාළ පැහැරගැනීම ව්‍යාපාරිකයාගේ ඥාති පුද්ගලයෙකු විසින් සිදුකර ගෙන ඇති බවට මේ වන විටත් තොරතුරු හෙළි වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලීසිය විශේෂ විමර්ශනයක් සිදුකරයි.
එමෙන්ම අඳාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්.