රෝහලේ මෘත ශරීරාගාරය අසලින් සොයා ගත දේ පිළිබද දැඩි විමර්ශන..අපරාධයක් සිදුකොට බලධාරීන් නොමග යැවීමක්ද සැකයක්..

Report

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා (04) සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළු වීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සදහා ඇතුළුවන බව හඟවමින් ඉතා සූක්ෂමව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘතශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

දෙයියනේ මෙච්චර ගානක මල් කඩන්නද.. තරුණියක් සහ තරුණයෙකු එකතුවෙලා කරපු දෙයක්..

එම රථය දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබෙනු දැක ඒ පිළිබඳව විපරම් කිරීමේදී එහි හිමිකරුකු නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම රථය බාහිර පුද්ගලයකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනනැවිත් මෙසේ දමා ගොස් ඇති බවටයි පැවසෙන්නේ.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එකවරම කළුතර ගැන මොකක්ද මේ අරන් තියන තීරණය ..

එකවරම කළුතර ගැන මොකක්ද මේ අරන් තියන තීරණය ..

මේවන විට එම රථය රැගෙන යාමට නොහැකි වන පරිදි මාර්ගය අවහිර වන සේ ගල් දමා පාර අවහිර කර  ඇතැයිද වාර්තා වෙනවා.

නව රජය පත්වීමත් සමග රජයට අයත් මෙම වාහනය අවභාවිතා කළ අයකු මෙසේ රොහල් පරිශ්‍රයට රථය ගෙනැවිත් අතහැර දමා ගියාද නැතහොත් කිසියම් අපරාධයක් සිදුකොට රාජ්‍ය ලාංඡනයක් සවිකොට බලධාරීන් නොමග යැවීමට මෙසේ නවතා දමා ගියාද යන්න පිළිබඳව සැක මතුව ඇතැයි රෝහල් කාර්ය මණඩලය පවසනවා.