එකවරම කළුතර ගැන මොකක්ද මේ අරන් තියන තීරණය ..
Sri Lanka Police
Kalutara
Sri Lanka
General Election 2024
By Piyumika
නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන හෙට (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන් 1000 ක් පමණ යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන පැවසීය.
ඒ අනුව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ සහ ඒ අවට පොලිස් නිලධාරීන් 350 ක පමණ යුත් පිරිසකින් සමන්විතව ආසන්නව සහ දුරස්ථව පොලිස් මාර්ග බාධක පිහිටුවීමටත් , ඊට අමතරව කැරළි මර්දන ඒකක යෙදවීමටත් පියවර ගෙන ඇත.
පෙළපාලි කණ්ඩායම් විසිරවීම සඳහා මාර්ග බාධක දිනය පුරා ක්‍රියාත්මක වන අතර ඒ ඒ පොලිස් වසම් මට්ටමින් ආරක්ෂක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.