මිතුරන් සමග දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්..

By Piyumika Sep 09, 2024 02:21 AM GMT
Report

පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.

අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කලා'යි ආනන්ද සාගර හිමියන්ට මනුෂගෙන් රුපියල් මිලියන පන්සියකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්..

අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කලා'යි ආනන්ද සාගර හිමියන්ට මනුෂගෙන් රුපියල් මිලියන පන්සියකක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්..

අතුරුදන් වූ තරුණයා මිතුරන් පස්දෙනෙකු සමඟින් පානදුර ළමා උද්‍යානය අසළ දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

එහිදී පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් තරුණයෙකු බේරා ගැනීමට සමත්ව ඇත.

බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.