අඹු සැමියන් ලෙස ලිංගිකව හැසිරිලා.. පොලීසියෙන් නතර වෙලා.. තරුණියගේ මව පොලීසියෙන් ඉල්ලලා තියෙන දෙය..
18 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට දෙන තිබෙනවා.
ඒ වයස 15ක පාසල් දැරියකට ලිංගික අතවර කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් ය.
එලෙස අත්අඩංගුවට පත් තරුණයා තමන්ගේ පෙම්වතා බවත් ඔහුගේ නිවෙසට තමන් රැගෙන ගොස් අවස්ථා කීපයක්ම අඹු සැමියන් ලෙස ජීවත් වූ බවත් එම සිසුවිය පොලිසියට සඳහන් කර තිබෙනවා.
සිසුවිය වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම පිණිස පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.
ඇය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මවට තොරතුරු පැවසීමෙන් පසුව මව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් දැරියගේ මවුපියන් මේ වන විට පොලිසියෙන් ඉල්ලා ඇත්තේ නඩු මඟට නොගොස් තම දියණිය ඔහුට විවාහ කර දීමට ක්‍රමවේදයක් සකස් කොට දෙන ලෙසයි.
කෙසේ වෙතත්, ඇයට ලිංගික අතවර කළ තරුණයාගෙන් ප්‍රශ්න කොට ඔහුව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පුදුකුඩිඉරිප්පු පොලිසිය පියවර ගෙන තිබෙනවා.