බෙන්තොට වෙරළේ දිය නෑමේ ඛේදවාචකය
ඊයේ (26) සවස බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා අතුරුදන්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා අවුරුදු 25ක් හා අතුරුදන් පුද්ගලයා වයස අවුරුදු 29ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අතුරුදන් පුද්ගලයා සොයා නාවික හමුදාවේ හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.