බිහිසුණු පහර දීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට
By Kaushi
තියුණු ආයුධයකින් පහර දීම නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (05) දින නාවුල පොලිස් වසමේ නිකුල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
අඳාළ පහර දීමෙන් අනතුරුව තුවාල ලැබූ තරුණයා නාලන්ද රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.
වාර්තා වූ පරිදී මියගොස් ඇත්තේ අවුරුදු 23ක කළුන්දෑව, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
එසේම සිදු කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවයි.
එසේම මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 41ක් වන නිකුල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ප්‍රකාශ කරයි.