බල්ලෙකු වෙන්න දඟලන කොල්ලෙක් - බල්ලන් සහ මිනිසුන් ඉව කරමින් උද්‍යානයකත් ඇවිදලා.. (VIDEO/PHOTOS)

Japan
By krishani Aug 01, 2023 10:49 AM GMT
krishani

krishani

Report

ඇත්තටම බල්ලෙකුගේ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා කවදාහරි ඔබ හිතුවද?

මේ ජපානයේ ටෝකෝ නම් මිනිසෙක් බල්ලෙකු වීමට යෙන් මිලියන දෙකක් (රුපියල් ලක්ෂ 46ක්) ඒ වෙනුවෙන් වැය කළ පුවතක්.

ටෝකෝට ජීවිත කාලය පුරාවටම සිහිනයක් තිබිණ.ඒ බල්ලෙකු වීමට.

ඒ වෙනුවෙන් ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විසින් දින 40 ක් වැයකර ඔහු වෙනුවෙන් සැබෑ බලු ඇඳුමක් නිර්මාණය කර දී තිබෙනවා.

ටෝකෝ විසින් ‘ මට සත්වයකු වීමට උවමනායි’ නමින් යූ ටියුබ් නාලිකාවක් ද පවත්වා ගෙන යයි.

එම නාලිකාවට ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්,මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් ද උඩුගත කර තිබෙනවා.

මේ අතර ටෝකෝ කියා සිටියේ, ඔහු කුඩා කාලයේ සිටම සතෙකු වීමට අවශ්‍ය වූ බවත් එලෙස සතෙකු වීමට පරිවර්තනය වීමට දැඩි ආශාවක් තිබූ බවත් ය.

එමෙන්ම ඔහුගේ අනන්‍යතාවය සහ මුහුණ මිනිසුන්ගෙන් සඟවාගෙන සිටින අතර ඒ අන් පාර්ශවයන් විසින් විනිශ්චය කිරීමට අකමැති නිසා බව ටොකෝ කියා සිටියේ ය.

'ඔවුන් හිතන්නේ මට බල්ලෙක් වෙන්න ඕන එක අමුතු දෙයක් කියලා.ඒ හේතුව නිසාම මට මගේ සැබෑ මුහුණ පෙන්වන්න බැරි වුණා.' යනුවෙන් ය.

කෙසේ වෙතත්, මේ වන විට බලු ඇඳුමෙන් සැරසී, බෝලයක් සමඟ සෙල්ලම් කරමින් සහ ඔහුගේ වීඩියෝ සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක් වී තිබෙනවා.

විඩියෝ දර්ශන - I want to be an animal Y-Tube Channel


GalleryGalleryGalleryGalleryGallery
ReeCha