44 හැවිරිදි කාන්තාව සැමියා ලඟට ගිය දුකට 22 හැවිරිදි තරුණයා සිය දිවි නසාගෙන

Kuchhaveli hang Kanthale
By Sewvandhi Oct 26, 2021 12:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සිත්තැවුලට පත්ව එදින රාත්‍රියේම ගෙල වැලලාගෙන මියයාමේ ශෝකජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වෙනවා.

තරුණයා මව හා පියා නොමැතිව සිය මිත්තනිය ලඟ වෙසෙන කුලී කරමින් ජීවත් වූ අයෙක්. මීට කලකට පෙර ඔහු කුලී වැඩ සඳහා කුච්චවේලි ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී මෙම 44 හැවිරිදි කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

කෙසේ හෝ සම්බන්ධය බොහෝ දුර දිය ගොස් ඇති අතර අවසානයේ සිව් දරු මව, සිය වැඩිමහල් දරු තිදෙනා හැරදමා වයස අවුරුදු 1 1/2 ක් පමණ වූ දරුවාද හා තරුණයා සමග කන්තලේ නිවසට පැමිණ තිබෙනවා.

ඉන්න හිටින්නට හරි හමන් ගෙයක් දොරක් නැති අන්ත අසරණ අයුරින් ජීවත් වන තරුණයා සමග මෙම මව මාස 5 ක් පමණ එකට ජීවත්වී ඇති බවයි සඳහන් වන්නේ. ඒත් හිටිගමන් ඇයගේ නියම ස්වාමිපුරුෂයා පැමිණ සිව්දරු මව රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් තරුණයා සිත්තැවුලෙන් බොහෝ සේ කල්පනා කරමින් සිට රාත්‍රී 8.00 ට පමණ සිය නිවස ඉදිරිපිට ඇති කොස් ගසේ අත්තක රෙදි පටියකින් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.