කාන්තාවක් දරු දෙදෙනා සමඟ මහල් 19කින් යුත් ගොඩනැගිල්ලෙන් බිමට පනියි (PHOTOS)

Suicided Rusia Olga
By Sewvandhi Oct 13, 2021 01:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රුසියාවේදී හමුදා නිලධාරියෙකුගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි නසාගෙන තිබෙනවා. කාන්තාව අවුරුදු තුනක් වයසැති දරුවන් තම උකුලේ තබාගෙන ගොඩනැගිල්ලක 19 වන මහලෙන් බිමට පැන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අඩි 190 ක් පමණ පහළට වැටීමෙන් තිදෙනාම මිය ගිය බවයි වාර්තා වන්නේ. මියගිය අයගේ සැමියා හමුදා නිලධාරියෙකු වන අතර මෙම පුවත සැලවීමෙන් පසු ඔහු දැඩි කම්පනයට පත් ව තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර. මෙය මිනීමැරුමක් ද සියදිවි හානි කරගැනීමක්ද යන්න පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණය කරගෙන නෑ.

ඔල්ගා සිය දිවි නසා ගැනීමට පෙර සටහනක්ද තබා තිබෙනවා. එහි ඇය ලියා ඇත්තේ තම දරුවන් මේ ලෝකයේ තනිකර දැමීමට අවශ්‍ය නැති නිසා ඇය ඔවුන් ද කැඳවාගෙන යන බවයි.

මෙම කාන්තාව කලකට පෙර තම අසල්වැසියාට පවසා ඇත්තේ ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් පාළුව, දැඩි වෙහෙසක් දැනෙන බවත් ය. සමහර විට මේ හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery