පුතා සමග හවුල් ව්‍යාපාරයක යෙදුන මවක් අත්තඩංගුවට..
By Piyumika
චාවකච්චේරිය කච්චායි දකුණ ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 80කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊට පෙරදින ක්ෂණික මාර්ග බාධක යොදා මෝටරථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි .
අදාළ කාන්තාව සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 87 යි ග්‍රෑම් 616 ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි කච්චායි දකුණ, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය සිය පුත්‍රයා සමඟ ගංජා අලෙවිය සිදුකරන අතර ඒ සඳහා මෙම ගංජා තොගය නිවසේ සඟවාගෙන සිට ඇති බවයි .