අමු ආහාර අනුභවයෙන් කාන්තාවක් මිය යයි - කිසිදු විටෙක පිසින ආහාරයක් අනුභව කරලා නෑ. (PHOTOS)
Death
By krishani
අමු ආහාර අනුභවයෙන් කාන්තාවක් මියගිය පුවතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඡානා සැම්සොනෝවා වන වයස අවුරුදු 39ක කාන්තාවක් ය.
ඇය නිර්මාංශ ආහාර අනුභව කිරීමට පමණක් යොමු වී තිබෙන අතර එයිනුත් විශේෂිත්වයක් වන්නේ ඇය ආහාර අනුභව කරන ලද්දේ අමු ආහාර වීමයි.
ඒ හේතුවෙන් එනම් කිසිදු විටෙක පිසින ආහාර අනුභව නොකිරිමෙන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින දුර්වල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මීට මාස කිහිපයකට පෙර ඡානා සැම්සොනෝවා ශ්‍රී ලංකාවේ ද සංචාරයක යෙදුණු අතර ඇය අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර දැඩි ලෙස රෝගාතුර වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර අනතුරුව ජීවිතක්ෂයට පත් විය.







