පස් කන්දකට යටවී තවත් ජීවිතයක් අහිමි වෙයි

By Sewvandhi Nov 09, 2021 04:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් බැම්මක් කඩා වැටීමෙන් අඟහරුවාදා (9) එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි කාන්තාවක් බවයි.

පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණිය වෙන්නෝරුව ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් ලෙස සේවය කළ තරුණියක් බවය.  

මේ අතර එම නිවසේ සිටි මව සහ පුතු නිරුපද්‍රිතව දිවි ගලවා ගෙන ඇත. 

එමෙන්ම ,නායයෑමක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් යටවී එහි සිටි තිදෙනෙකු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක්, අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියකි. නිවසේ සිටි අනෙක් පුද්ගලයා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා පැවසීය.

මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW