නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින කාන්තාවන්ට සිදුවන අමුතු වැඩේ
විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල කාන්තාව විසින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අනෙකුත් කාන්තාවන්ගේ තොරතුරු රැස්කරමින් සැක සහිත ලෙස හැසිරී ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි පාලකයින් විසින් පොලිසියට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමඟ අදාල කාන්තාව සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ව්‍යාජ නමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් 2019 වසරේදී සෞදි අරාබිය බලා පිටව ගොස් ඇති බවටයි.
මෙම කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය විසින් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අනෙකුත් කාන්තාවන්ගේ තොරතුරු රැස් කළේ කුමන කාරණයක් සම්බන්ධයෙන් ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පත්වනු ලබනවා.
නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාව අද (20) අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
