නිවසේ දෝෂය දුරු කිරීමට පැමිණි කට්ටඩියා බිරිඳ හා බාල වයස්කාර දරුවන් රැගෙන පලාගිහින්..

gossip Polpithigama Moragollagama
By Sewvandhi Jan 18, 2022 04:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෙදර දෝෂය දුරු කිරීමට ඇවිත් විවාහක බිරියක හා බාල වයස්කාර දරු දෙදෙනා රැගෙන පලා ගිය කට්ටඩියා සිය දිවි නසා ගැනීමට තැත් කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොල්පිතිගම මූලික රෝහල් ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය සේවයේ නියැළෙන සිය සැමියා නිවෙසේ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීම සඳහා බිරියට රැක බලා ගැනීමට කිරි එළ ගවදෙනුන් තිදෙනකු හා රන් මාල පවා ලබාදී තිබුණු නමුත් ඇය ඒ සියල්ල විකුණා වසර 15ක් තිස්සේ අඹුසැමි ඇසුරේ සිටි විවාහක සැමියා අතහැර නිවෙසේ දෝෂය දුරු කිරීමට පැමිණි මොරගොල්ලාගම ප්‍රදේශයේ පිහිටි දේවාලයක කට්ටඅඩියා සමඟ අනියම් ඇසුරක් පවත්වා පලා ගොස් තිබුණේ තම බාල වයස්කාර දුව හා පුතා කැටුව බවට මීට මාසයකට පමණ පෙර පැමිණිල්ලක් ලැබී තිබුණු බව පොල්පිතිගම පොලිසිය සඳහන් කරයි.

  එලෙස පලා ගිය කට්ටඅඩියාද විවාහකයකු වන අතර ඔහුටද බාල වයස්කාර දියණියන් තිදෙනකු සිටින බවත්, මොවුන් ප්‍රදේශය අතහැර ගොස් මාසයකට ආසන්න කාලයක් සැඟවී සිටි නිසා කර තිබූ පැමිණිලි විභාග කිරීමට පොලිසියටද නොහැකි වී තිබිණි. 

එලෙස ගොස් වෙනත් ප්‍රදේශයක කාලය ගත කරන අතරවාරයේදී දෙදෙනා අතරේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් අනියම් බිරිය තම දරු දෙදෙනාද රැගෙන එතැනින් පලා ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේදී යන එන මං නොමැතිව අසරණ වූ කට්ටඅඩියා සියදිවි නසා ගැනීමට තැත් කිරීම හේතුවෙන් 16දා සවස් යාමයේ පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් රෝහල් සේවකයෙක් පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now