ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන්න ගිය සිසුන්ට වෙච්ච ඇබැද්දිය ..(VIDEO)

By Piyumika Jul 18, 2024 02:09 AM GMT
Report

පාසල් නිමා ව නිවස කරා යමන් සිට පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් 08 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඊයේ(17) ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය පැවසීය .

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

ලග්න කිහිපයකට අද සුපිරි ධන යෝගයක්.. ලග්න 4ක අය දැඩි අවධානයෙන් ඉන්න.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නොර්වුඩ් එල්බොඩ දමිල මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු බව වෛද්‍යවරයා කියා සිටියේය.

පාසල අසල පිහිටා ඇති විශාල ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි පස්වරු 2 ට පමණ තමන්ට පහර දුන් බවත්, එම වතුයායේ වතු කම්කරුවන් තමන්ව බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් පැවසීය .

ඩයනා සජබයට එරෙහිව ගොනු කල පෙත්සම ඉල්ලා අස්කර ගනී..

ඩයනා සජබයට එරෙහිව ගොනු කල පෙත්සම ඉල්ලා අස්කර ගනී..

ප්‍රදේශයේ පවතින දැඩි සුලං සහ අධික වර්ෂාව හේතුවෙන් තේ වතු වල ගස් වල බැද ඇති බඹර කුඩු ඇවිස්සෙන බවයි වතු කම්කරුවන් පවසා සිටියේ.