PHI වරුන්ගෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට අනතුරු ඇඟවීමක්.

By Wayomi Jan 11, 2023 08:51 AM GMT
Wayomi

Wayomi

Report

බිම්මට්ටමේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, ඉන්ධන ලබාගැනීමේ ගැටලුව ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ චක්‍රලේඛ හරහා විවිධ සීමා පැනවීමට එරෙහිව ඉදිරියේදී සිය සාමාජිකයින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ඉන්ධන සම්බන්ධයෙන් මසකට ලබාදෙන දීමනාව දවසකට පමණක් ප්‍රමාණවත් වන බවයි.

එමෙන්ම මෙම ගැටලුවා ඇතුළු දීමනා කප්පාදු කිරීම්, වැටුප සම්බන්ධ ගැටළු රැසකට විසඳුම් නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මහජනතාව අවුස්සන සුළු නොයෙකුත් ප්‍රකාශ කරමින් රාජ්‍ය සේවකයින් අපහසුතාවයට පත් කිරීමට උත්සහ දරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උපුල් රෝහණ මහතා අනතුරු අඟවන්නේ, මේ හේතූන් මත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ලකට අත වැනීමක් බවයි.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW