ප්‍රභල ආගමික නායකයකුගෙන් මුළු ලෝකයටම අනතුරු ඇඟවීමක්.
ලොව සිදුවෙමින් පවතින දැවැන්ත ඛේදවාචකයන් නොසළකා හැරීම තුළින් ලෝකය විසංවේදී තත්වයට පත්වෙමින් පවතින බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ අනතුරු ඇඟවීමක් කළා.
සිය වාර්ෂික නත්තල් දින පණිවුඩය ප්‍රකාශයට පත් කරමින් පාප්වහන්සේ පෙන්වා දුන්නේ සිරියාව, යේමනය, සහ ඉරාකය මෙන්ම අප්‍රිකාවේ යුරෝපයේ සහ ආසියාවේ බොහෝ ප්‍රදේශවල පවතින ගැටුම් ලෝකය විසින් නොසළකා හරිමින් පවතින බවයි.
ගෝලීය වසංගතය හේතුවෙන්ද එම ගැටළුවලට ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීම් අවම වී තිබෙනවා.
උර්බි එට් ඕබි හෙවත් සියල්ලන්ටම යන අරුත් ඇති පාප්වහන්සේගේ නත්තල් පණිවුඩය ශ්‍රවණය කිරීම සඳහා වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ දහස් සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මුව ආවරණ පැළඳ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත්වලට අනුව රැස්ව සිටියා.
පාප්වහන්සේ සිය දේශනයෙන් පෙන්වා දුන්නේ ගැටුම් විසඳීමට වඩා ඉන් පලායාමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින අතර, එක්ව ගැටළු විසඳීමට පවතින උත්සාහයන් ඉතා සීමිත බවයි.
විශේෂයෙන් සංකීර්ණ ගැටළු සංවාදයෙන් විසඳීමට උනන්දුවක් නොදක්වන බලවතුන් ඒ සඳහා කෙටි මාර්ග භාවිත කිරීම ඛේදනීය කරුණක් ලෙසයි පාප්වහන්සේ හැඳින්වූයේ.
මේ නිසා ලොව පුරා ගැටුම්, අර්බුද සහ විසම්මුතීන් ඉහළ යමින් පවතින බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |