සියල්ලන් පුදුම කරමින්, වසර ගාණකට සිර දඬුවම් හිමි වුණ කාදිනල්වරයා - එයට හේතුවත් එළියට.. (PHOTOS)

By krishani Dec 17, 2023 02:30 PM GMT
Report

වතිකානයේ කාදිනල්වරයෙකුට වසර පහමාරක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සියල්ලන් පුදුම කරමින්, වසර ගාණකට සිර දඬුවම් හිමි වුණ කාදිනල්වරයා - එයට හේතුවත් එළියට.. (PHOTOS) | A Vatican Cardinal Has Been Sentenced To Prison

ඒ මූල්‍ය අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් ය.

මෙලෙස සිර දඬුවම් හිමිව ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නම් කාදිනල්වරයාටයි.

වතිකානයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා. 

සියල්ලන් පුදුම කරමින්, වසර ගාණකට සිර දඬුවම් හිමි වුණ කාදිනල්වරයා - එයට හේතුවත් එළියට.. (PHOTOS) | A Vatican Cardinal Has Been Sentenced To Prison

අදාළ කාදිනල්වරයා පාප් වහන්සේගේ හිටපු උපදේශකවරයෙකු වීම ද විශේෂත්වයක් වේ.

කාදිනල්වරයාට චෝදනා එල්ල වූයේ ලන්ඩන් හි දේපළක් මිල දී ගැනීමේ දී වතිකාන කතෝලික සභාවට දැවැන්ත අලාභයක් කිරීම සම්බන්ධයෙන් ය.

එමෙන්ම තම උපන්ගම වන සාඩිනියා හි රදගුරු පදවියට දැවැන්ත මුදල් සම්භාරයක් ලබාදීම සම්බන්ධයෙන් ද  චෝදනාවට එල්ල වී ඇති බව වාර්තා වේ.

සියල්ලන් පුදුම කරමින්, වසර ගාණකට සිර දඬුවම් හිමි වුණ කාදිනල්වරයා - එයට හේතුවත් එළියට.. (PHOTOS) | A Vatican Cardinal Has Been Sentenced To Prison

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම කාදිනල්වරයා අනාගත පාප් තනතුරට ද යෝජනා විය හැකි තැනැත්තෙකු ලෙස සැලකුම් ලබා සිටි බවයි. 

කෙසේ වෙතත්, 2020 වසරේ දී බෙචූ කාදිනල්වරයා තම උපදේශක ධුරයෙන් ඉවත්කිරීමට පාප් වහන්සේ කටයුතු කර තිබෙනවා.

ඒ මෙම චෝදනා මුල් කරගෙන ය.

GalleryGallery