භයානක HIV වෛරසයට එන්නතක්.. සිරුරට ඇතුළු වූ විගස වෙන්නෙ මෙන්න මේකයි..
HIV වෛරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.
මෙම එන්නත හරහා සිරුරට ඇතුළු වී ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බව එම පර්යේෂකයන් පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම එන්නත හරහා සිරුර තුළ නව ප්‍රතිදේහ නිපදවනු ලබයි.
එම අලුතින් නිපදවන ප්‍රතිදේහවලින් HIV වෛරසය අඩපණ කරන බව සඳහන් වේ.
මේ වන විට මෙම නව එන්නත සායනික ලෙස අත්හදා බලා තිබෙනවා.
ඒ ඒඩ්ස් ආසාදිත පුද්ගලයින් යොදා ගනිමින් ය.
කෙසේ වෙතත්, එම අදාළ පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන්නේ මෙම අත්හදා බැලීම් ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වූ බවයි.