කැනඩාවේ කොටි දිනයක්

By Madheeha_Naz May 19, 2023 08:32 AM GMT
Report

කැනඩාව ඊයේ දින දෙමළ ජනසංහාර අනුස්මරණ දිනය සමරනු ලැබුවා.

වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙල්ලමුල්ලිවයික්කාල් සමූල ඝාතනය ඇතුළු පැවති සන්නද්ධ ගැටුම්වලදී දහස් සංඛ්‍යාත දමිළ ජනතාවකට ජීවිත අහිමි වූ බවත් තවත් විශාල පිරිසක් අතුරුදහන් වී, තුවාල ලබා හෝ අවතැන් වී ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා තිබෙනවා.

කැනඩාවේ වසන දමිළ ජනතාවට අනුස්මරණ දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මේ බව ප්‍රකාශ කර තිබුණා.

මීට වසර 14 කට පෙර ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී අහිමි වූ ජීවිත පිළිබඳ සිහිපත් කරන බවත් තේරුමක් නොමැති ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වේදනාවෙන් සිටින වින්දිතයන්ගේ සහ දිවි ගලවාගත් පුද්ගලයන්ගේ සමීපමතයන් සමඟ කැනඩානු රජය සෑම අවස්ථාවකම සිටින බවත් ටෲඩෝ මහතා පවසා තිබුණා.

කැනඩාව ශ්‍රී ලංකාවේ ඇති වූ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අඛණ්ඩව දුෂ්කරතාවන්ට මුහුණ දෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මෙම වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් රජයේ නිලධාරීන් සිව් දෙනෙකුට සම්බාධක පැනවූ බවද ඔහු පෙන්වා දී තිබුණා.    



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW