ගම්පහ හිමිනම ඝාතනය කළ සිදුවීමේ තොරතුරු රැසක් එළියට..! බිහිසුණු සීසීටීවී වීඩියෝව සහිතයි - (CCTV VIDEO)

Report

අද දින දහවල් 12.30ට පමණ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ ශ්‍රී ඝණාරාම විහාරස්ථානයේදී CAO 5345 අංක දරණ මෝටර් රථයෙන් පැමිණි නාදුනන පුද්ගලයන්සිව් දෙනෙකු විසින් විසින් සිදු කරන ලද වෙඩිතැබීමකදි ඉහත විහාරස්ථානයේ වැඩ වාසය කරන 45 හැවිරිදි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමි අපවත් වී තිබෙනවා .

මෙම හිමියන් දැනට මාස තුනකට පමණ පෙර සිට ඉහත විහාරස්ථානයේ වැඩ වාසය කරන අතර ස්ථිරව වැලිවේරිය පොලිස් වසමේ කුසුම් සදහම් සෙවණ විහාරස්ථානයේ වැඩවාසය කර ඇති බව වාර්තා වුනා .

මෙම හිමියන් ජෝතිෂ්‍ය කටයුතු සිදු කරන හිමිනමක් බව අනාවරණය වන අතර ඉහත වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් ජෝතිෂ්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට පැමිණ මෙවැනි තැබීම සිදු කර ඇති බවට සිදුකල පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා .

ඉහත CAO 5345 අංක දරණ මෝටර් රථය අංක 272/27, සුදර්ශන මාවත, මාලඹේ ලිපිනයේ පිහිටි PROMO WATCH CRIETION PVT LTD ආයතනයේ ලියාපදිංචි වී ඇති බවට හෙළි වී ඇති අතර අපවත් වූ හිමියන්ගේ දේහය ගම්පහ රෝහල වෙත රැගෙන තිබෙනවා ඒ අනුව අදාළ සිද්ධිය සම්බධයෙන් මල්වතුහිරිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Sponsored By Sarrita Jewellery

ගම්පහ හිමිනම ඝාතනය කළ සිදුවීමේ තොරතුරු රැසක් එළියට..! බිහිසුණු සීසීටීවී වීඩියෝව සහිතයි - (CCTV VIDEO) | A Thero Dead By Gun Shot Gampaha