එපාර්ට්මන්ට් සම්බන්ධයෙන් ගත් තීරණය.

Sri Lanka
By krishani Aug 27, 2023 03:41 PM GMT
krishani

krishani

Report

ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයන්හි එපාර්ට්මන්ට් මිල දී ගත් අයගෙන් ආදායම් බදු අය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එපාර්ට්මන්ට් මිලට ගෙන ඇති පුද්ගලයන් හා ඒවායේ පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සපයන ලෙස එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්ලිව්.එන්.ඒ. විජේසූරිය මහතා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් කොමසාරිස්වරයා නිවාස සංකීර්ණ කළමනාකරණ සමාගම් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඒ හේතුවෙන් දැනට එම නිවාස සංකීර්ණයන්හි පදිංචිව සිටින සියලු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සපයන ලෙසයි.

එමෙන්ම දේශීය ආදායම් පනතේ වගන්ති අංක 123 (1) ප්‍රකාරව තමන්ට හිමි වී ඇති බලතල අනුව මෙම ලිඛිත ඉල්ලීම අදාළ ආයතනවලට යොමු කරන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ReeCha