පාසලකදී සුනඛ රැළක් සිසුවෙකු සපා කයි

Dog
By Thaya Mar 30, 2021 06:49 PM GMT
Thaya

Thaya

Report

මාතලේ ප්‍රාථමික පාසලක භූමියේදී සුඛයින් පිරිසක් විසින් සිසුවෙකු සපා කා තිබෙනවා. පාසල් විවේක කාලයේ මෙලෙස සුනඛයින් සපා කා ඇත්තේ ක්‍රීඩාකරමින් සිටි එම පාසලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි වාර්තාකරු පැවසුවේ.

එම සිසුවා සපා කන අවස්ථාවේ ක්‍රීඩාංගණයේ සේවය කරමින් සිටි සේවකයින් පැමිණ මහත් පරිශ්‍රමයක් යොදා අදාළ සිසුවා බේරා ගෙන තිබෙනවා. සිසුවා බේරා ගැනීමේදී සිදුකළ පහරදීම්වලින් එක් සුනඛයෙකු මරණයට පත්වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සදහා මාතලේ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. එම සිසුවාගේ ශරීරය පුරා තුවාල රැසක් ඇති බවයි රෝහල් ආරංචි සදහන් කළේ. මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියගෙන්ද විමසීමක් කළා. ඇය කියාසිටියේ පාසල් භූමියේ සැරිසරන සුනඛයින් පිළිබද මීට පෙර අවස්ථා කිහිපයකදී අදාළ ආයතන දැනුවත් කර තිබූ බවයි. මේ සම්බන්ධයෙන් එම ආයතන කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද විදුහල්පතිනිය වැඩිදුරටත් සදහන් කළා.