වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභලයෙකු තනතුරෙන් ඉවත් කෙරේ...ඔහුගෙන් රතු එළියක්.

Sri Lanka Mahindanand
By Aruna Nov 23, 2021 03:58 AM GMT
Report

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර, ඊයේ රාත්‍රියේ නිකුත් කළ ග්ලයිෆොසේට් සහ අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය තහනම ඉවත් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය ද ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මේ අතර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත ග්යිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක කිහිපයක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ගැස් නිවේදනය නිකුත් කර ඇති බැවින් අමාත්‍යවරයාට තමන්ව ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි බව පලිබෝධනාශක රිජිස්ටාර් ජේ.ඒ සුමිත් මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now