හර්ෂගෙන් CIDයට සැර ප්‍රකාශයක්...

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ, ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

කෝටි 35ක හෙරෝයින් සමඟ තිදෙනෙක් කොටු වේ...

කෝටි 35ක හෙරෝයින් සමඟ තිදෙනෙක් කොටු වේ...

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, CIDය විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව වන අතර, එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ CIDයට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවය.

තව දුරටත් එතුමා පවසා ඇත්තේ, එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ අතර, එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් ය.

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...

එමෙන් ම, පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හට දැනට එවැනි විමර්ශනයක් අවශ්‍ය නොවන බවත් එසේ අවශ්‍යය වන්නේ නම් නැවත දැනුම්දීමට කටයුතු කරන බවත් එතුමා පවසා ඇති බව යි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කථානායකවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.