ලාංකික තරුණියක් ප්‍රංශ තරුණයෙක්ට මායම් දාල කරපු හරියක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Apr 09, 2024 03:51 PM GMT
krishani

krishani

Report

කිළිනොච්චියේ තරුණියක් ප්‍රංශ ජාතික තරුණයෙකු සමග විවාහ ගිවිස ගැනීමට ගොස් ඔහුගෙන් රත්තරන් පවුම් 42 ක් හා මුදලින් රුපියල් ලක්ෂ 60 ක් ත්‍යාග ලබාගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ලාංකික තරුණියක් ප්‍රංශ තරුණයෙක්ට මායම් දාල කරපු හරියක්.. | A Sri Lankan Girl Married To A French Man

එම ප්‍රංශ ජාතිකයා කිළිනොච්චියට පැමිණෙන විට අදාළ එම තරුණිය අතුරුදහන් වී තිබෙනවා.

මොවුන් දෙදෙනා යාපනයේ පැවති විවාහ මංගල උත්සවක දී එකිනෙකා දැන හදුනගෙන තිබෙනවා.

පසුව තරුණිය ප්‍රංශ ජාතික තරුණයාට ප්‍රකාශ කොට ඇත්තේ තම දෙමව්පියන් යුද්ධයෙන් මිය ගොස් ඇති බවයි.

පසුව ඇය වැඩිමහල් සහෝදරිය ළඟ ජීවත්වන බව වැඩිදුරටත් ඔහුට කියා තිබෙනවා.

ඔවුන් දෙදෙනාගේ ඇදුණුම්කම විවාහ ගිවිස ගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර වසර එකහමාරක කලය ඇතුළත ප්‍රංශ ජාතික තරුණයා විසින් කිළිනොච්චියේ තරුණියට මුදල් ස්වර්ණාභරණ හා ත්‍යාග ද එවා ඇති බව සඳහන් විය.

කෙසේ වෙතත්, පසුව මෙම තරුණයා කිළිනොච්චියට පැමිණෙනවිට තරුණිය අතුරුදහන් වී තිබෙනවා.