අවුරුද්දට ගමේ යන අයට විශේෂ ප්‍රවාහන සේවයක්. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

Sri Lanka Railways Department of Railways Srilanka Bus
By Wayomi Apr 09, 2024 09:47 AM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා ආරම්භ කර ඇති අතර ලංකා ගමනාගමන මණ්ඩලය උත්සවය සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක් කිරීමට නියමිතයි.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ උත්සවය සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අප්‍රේල් 10 වනදා සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියන් දෙකක් අමතර ධාවනයට එක්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන), නන්දන ඉඳිපොලගේ මහතා සඳහන් කළා.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා සහා ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය 4ක් ධාවනයට එක්කර ඇති අතර, අප්‍රේල් 14 සහ 15 දිනවල පිට පළාත්වල සිට කොළඹ එන්නත් අමතර දුම්රිය එක්කර ඇති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා ධාවන), පණ්ඩුක ස්වර්ණහංස මහතා, පවසා සිටියේ, අප්‍රේල් 13න් පසුව කොළඹ එන ජනතාවට අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි .