අධි වේගයේ යන හැමෝටම විශේෂ පණිවිඩයක්
අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (11) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත. touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.