හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට - පරීක්ෂා කිරිමේ දී කාන්තා යට ඇඳුම් ඇඳගෙන ඉඳලා..

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 26, 2023 05:16 AM GMT
krishani

krishani

Report

පෙරේදා (24) දිනයේ හොරණ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයේ නිරත හමුදා සැරයන්වරයකු කාන්තා යට ඇඳුමකින් සැරසී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යුද හමුදා කඳවුර අසල නිවෙසක කාන්තාවකගේ යට ඇඳුම් දිගින් දිගටම නැති වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් විමසිල්ලෙන් සිටිය දී පෙරදින රාත්‍රියේ මේ පුද්ගලයා පැමිණ එළියේ වැලේ වනා තිබුණු කාන්තාවගේ යට ඇඳුමක් සොරාගෙන යාමට උත්සාහ දරා ඇත.

එහිදී නිවැසියන් විසින් ඔහුව එළවාගෙන අල්ලා ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

නමුත් සැකකරු කම්බි වැටකින් රිංගා හමුදා කදවුර දෙසට පලා ගොස් ඇත.

ඉන්පසුව පොලිස් අත්අඩංගුවට පත් වූ මොහු පරීක්ෂා කිරිමේ දී කාන්තා යට ඇඳුමක් ඇඳ සිට තිබෙනවා.

එය පෙරදින සොරාගත් තම යට ඇදුම බව එම කාන්තාව හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසැති පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.

ReeCha