රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්.

Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Aug 04, 2023 10:36 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙනවා.

ඒ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ, අනුව ආනයනික ඉන්සියුලින් තොගය ලබන සැප්තැම්බර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතය.

මේ වනවිට රජයේ ඖෂධ සැපයුම් අංශයේ ඉන්සියුලින් තොග අවසන් වී ඇති අතර, රෝහල් සායනවලින් ඉන්සියුලින් නිකුත් කිරීමට දැඩි බාධා මතුව තිබෙනවා.

ReeCha