ළඟ ළඟම දෙකක්ම.. අහුංගල්ලෙ පත්තුවිල්ල ගැන මේ දැන් ලැබුණ තවත් ආරංචියක් මෙන්න..(UPDATE)

Report
UPDATE:-

අද (10) රාත්‍රියේ අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

-------------------------------------------------

රෑ වෙලා ප්‍රදේශයක් රත් කළ පත්තුවිල්ල - මීට ටික වෙලාවක කලින් වුණ දෙය..

මීට සුළු වෙලාවකට පෙර අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ළඟ ළඟම දෙකක්ම.. අහුංගල්ලෙ පත්තුවිල්ල ගැන මේ දැන් ලැබුණ තවත් ආරංචියක් මෙන්න..(UPDATE) | A Shooting In Ahungalla Area

එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුව මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර, මීට පෙර ද එනම් 08 වෙනිදා රාත්‍රියේ අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කීර්ති සේනා අබ්‍රේව් නැමති 56 හැවිරිදි පුද්ගලයෙක් ය.

මෙම වෙඩි ප්‍රහාරය ඔහුට එල්ල වී ඇත්තේ අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටිය දී ය.

ඒ එදින රාත්‍රි 7.45ට පමණ ය.

උණුසුමත් එක්ක තවත් දෙයක්?. හෙට කාලගුණයේ ප්‍රබල වෙනසක්.. මෙන්න මේ ප්‍රදේශවල අය අවදානයෙන් සිටින්න..

උණුසුමත් එක්ක තවත් දෙයක්?. හෙට කාලගුණයේ ප්‍රබල වෙනසක්.. මෙන්න මේ ප්‍රදේශවල අය අවදානයෙන් සිටින්න..


නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

එම වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදු වූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.