සුඩාන වැසියන්ගෙන් අඩක් දරුණු සාගතයකින් පෙළෙයි...
By Parami Dissanayake
වසරක අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාවගෙන් අඩක් දරුණු සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් අවධාරණය කර සිටිනවා.
එමෙන් ම, ඇතැම් සුඩාන ජාතිකයින් කුසගින්න නිවා ගැනීම සඳහා දැනටමත් කොළ සහ පස් ආහාරයට ගන්නා බව ද වාර්තා වේ.
තව ද, ලොව දරුණුතම සාගතයක් ලෙස සුඩාන ආහාර අර්බුදය වාර්තා අතරට එක්ව ඇත.
කෙසේ වෙතත්, එරටින් මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම ආහාර අනාරක්ෂිතතාව මෙය වන බව ද වාර්තා වේ.