හිරිහැර දැන් ඉවසන්න බැරි තරමට වැඩිවෙලා හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න...

Report

අග්බෝ හස්තියා වෙඩි වැදීමෙන් අසාධ්‍ය වීම හේතුවෙන් පසුගිය දිනවල බොහෝ දෙනාගේ දැඩි අවද‍ානයට ලක්විය.

අග්බෝ මේ වන විට බොහෝ දුරට සුවය ලබා තිබීම බොහෝදෙනාගේ අස්වැසිල්ලට හේතුවකි.

රට පුරා සිටින සියලුම දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

රට පුරා සිටින සියලුම දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..

ඒ කෙසේ වෙතත් තිරප්පනේ ප්‍රදේශයේ ජනතාවට මෙම හස්තියාගෙන් දැඩි ලෙස හිරිහැර කරදර එල්ල වන බව වාර්තා වේ.

මීට වසරකට පමණ ඉහතදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ඉදිරි වම් පාදයට තුවාල සිදුවී අග්බෝ අසාධ්‍ය තත්ත්වයට පත් විය.

දැනට මෙරට සිටින විශාලතම දළ යුගලට හිමිකම් කියන දේහධාරී ඇතෙක් ලෙස ප්‍රසිද්ධ අග්බෝ හට එම කාල වකවානුවේදී වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර කෙරුණු අවස්ථා ගණන 100කට අධිකය.

තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.

තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.

දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසකගේ අවධානයද එහිදී අග්බෝට හිමිවුණ අතරම අග්බෝ මේ වනවිට බොහෝ දුරට සුවය ලබා සිටින බව වාර්තා වේ.

නමුත් අග්බෝ පිළිබඳ මේ දිනවල ඇසෙනුයේ එතරම් යහපත් පුවත් නොවන අතර ඒ තිරප්පනේ ප්‍රදේශයේ හේන් ගොවිතැන්වලට අග්බෝගෙන් බරපතළ තර්ජන එල්ල වීම හේතුවෙන් ගම් වැසියන් ඉතමත් පීඩාකරි තත්වයකට මුහුණපා ඇති බවත් වන අලි  තර්ජන හමුවේ ප්‍රදේශවාසීන්ට ඇති එකම විකල්පය වන අලි වෙඩි වලට පවා මේ සත්ත්වයා කිසිදු බියක් දක්වන්නේ නැති බව වාර්තාවේ .

සේදවත්තේ කසුන්ගේ සමීපතමයන් දෙදෙනෙකු අත්තඩංගුවට..

සේදවත්තේ කසුන්ගේ සමීපතමයන් දෙදෙනෙකු අත්තඩංගුවට..

මෙවන් තත්ත්වයක් හමුවේ අග්බෝ සම්බන්ධයෙන් සුදුසු විකල්පයකට එළැඹීමට වනජීවි නිලධාරීන් කඩිනමින් පියවර ගත යුතුය.

ඒ මෙම වටිනා හස්ති සම්පත මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතද එක සේ වැදගත් වන බැවිනි.