අපයෝජනයට පැමිණි පුද්ගලයකුගෙන් තැනට සුදුසු නුවණ යොදා අනූ නවයෙන් බේරුනු පාසල් සිසුවිය (VIDEO)

SCHOOL GIRL BANDARAVELA ALLA KARADHAGOLLA
By Sewvandhi Nov 26, 2021 04:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහ මඟ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ව පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය ඊයේ (25) සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර එම කරදරයට මුහුණ දී තිබේ.

ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මාර්ගය හරස්කර අදාළ සිසුවියට පහර දී අසල පාළු වත්තකට රැගෙන ගොස් ඇත. පසුව ඇයව අපයෝජනයට ලක්කිරීමට උත්සහ කිරීමේ දී එම සිසුවිය අදාළ පුද්ගලයාගේ මුහුණ හපා කා ඇති අතර, ගලකින් මුහුණට ගසා එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

පසුව ඇල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. ගම්වාසීන් පවසා සිටියේ, එම ප්‍රදේශයේ පවතින පාළු ස්වභාවය හේතුවෙන් මීට පෙර ද එවැනි ම අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බවය. ඒ පිළිබඳ අපට අදහස් දැක්වු තරුණියක්,

"2014 දීත් මේ වගේම සිදුවීමක් වුණා. මගේ යාළුවෙක් ඇදගෙන ගිහින් තිබුණා කැලේට. එයාව හම්බවුණේ පහුවදා දවසක." ඉඩම් හිමිකරුවන් විසින් එම ප්‍රදේශය එළිපෙහෙළි නොකිරීම මෙවන් අනතුරු බහුල වීමට හේතුවී ඇතැයි ගම්වාසිහූ පවසති. "මේ ළමයාව ඇදගෙන ගිහින් තියෙන්නේ 12.30 ත් 1ත් අතර තමයි මේ කරදරය වෙලා තියෙන්නේ.

මම නම් කියන්නේ මේ වටපිටාවේ තියෙන කැලෑව මේකට හේතුව. මෙතන ඉඳන් ඒ ළමයාගේ ගෙදරට තියෙන්නේ කිලෝමීටරයක් වගේ පරතරයක්. නමුත් වටපිටේ කැලෑව නේ. එක්කෝ ඉඩම් අයිතිකාරයෝ ඇවිල්ලා මේවා සුද්ද කරලා පිළිවෙලක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ගම්වාසීන් එකතුවෙලා මේ කැලෑව එළිකරන්න ඕනේ. නැත්නම් පිරිමි ළමයෙකුටත් මේ ගමේ යන්න බැරි වෙනවා නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW