රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාවෙන් ගුවන් ප්‍රහාරයක්..

Russo-Ukrainian War Ukraine World Russia
By Aruna Aug 06, 2023 05:45 AM GMT
Aruna

Aruna

Report

ඊසානදිග යුක්‍රේනයේ පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම ගුවන් ප්‍රහාරය ඊයේ (05) රාත්‍රියේ කාකිව් ප්‍රදේශයට එල්ල වී ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති බවයි.

එම ප්‍රහාරයෙන් අනතුරුව ගින්නක් ද හටගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයන් මියගිය බවට සහ තුවාල ලැබූ බවට යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණ ද මියගිය පුද්ගලයන් හෝ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

ReeCha