ප්‍රධාන පූසාරීගේ වෙස් ගත් අයෙක් කෝවිලක සිට හොරෙන්ම සිදුකළ දේ - සැබෑ පූසාරීවරයාගෙන් පැමිණිල්ලක්.
Sri Lanka Police
Jaffna
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
යාපනයේ නල්ලූර් වීරමකාලි කෝවිලේ පින්කැටය කඩා මුදල් පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ඒ එම කෝවිලේ ප්‍රධාන පූසාරීවරයාගේ වෙස් ගත් වෙනත් පුද්ගලයෙකු විසින් ය.
මෙම සොරකම සිදු වී ඇත්තේ 31 වන දා වන අතර එම කෝවිලේ සැබෑ පූසාරීවරයා විසින් මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිස් නිලධාරීන් අවට නිවෙස් වල තිබූ සී.සී. ටීවී කැමරා වල දසුන් ද පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී නල්ලූර් වීරමකාලි කෝවිලේ ප්‍රධාන පූජකවරයා ලෙසින් සැරසුණු පුද්ගලයෙකු පින් කැටය කඩා මුදල් පැහැර ගෙන යන අන්දම නිරීක්ෂණය වී ඇත.
මේ දිනවල කෝවිල් උත්සව කාලය බැවින් එහි රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් තිබිය යුතු බව ප්‍රධාන පූසාරීවරයා පොලීසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, යාපනය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි.
