චැනල් 4 නාලිකාවට සාක්ෂි දුන් අසාද් මවුලානා ගැන පිල්ලේයාන්ගෙන් හෙළිදරව්වක් - CIDයටත් පැමිණිල්ලක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Pillayan Sri Lanka Politician
By krishani Sep 06, 2023 03:03 PM GMT
krishani

krishani

Report

අද (06) පාර්ලිමේන්තුවේ දී  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පටු දේශපාලන අරමුණු සඳහා තම නම භාවිත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් සඳහන් කළේ ය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ මෙම ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ථවාදී කණ්ඩායම විසින් භාර ගෙන තිබූ බවත් ප්‍රහාරය සිදු කිරීමේ අරමුණ කුමක් ද යන්න පිළිබඳව ඔවුන්ගේ නිල වෙබ් අඩවිය තුළ පැහැදිලිව වාර්තා කර තිබූ බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ චැනල් 4 නාලිකාවට සාක්ෂි ලබා දුන් හන්සීර් අසාද් මවුලානා සිද්ධිය වෙනත් පැතිකඩකට හැරවීම සඳහා උත්සාහ ගන්නා බවට සැක පහළ වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්,

"චැනල් 4 නාලිකාව විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක වීඩියෝ පටය සම්බන්ධයෙන් මම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. මා සමඟ සිටි අසාද් මවුලානා වෙනත් රටක පදිංචි වී සිය වෘත්තිය ජිවිත ආරම්භ කිරීම සඳහා මෙවැනි බොරු ප්‍රචාර සිදුකරනවා. පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබුණා. ප්‍රහාරය සිදු කළ හේතුව අරමුණු ඒ අය පිළිඅරගෙන තිබුණා. ඒක ISIS නිල වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා. 

නමුත් අසාද් මව්ලානා දැන් මෙම සිද්ධිය වෙන පැත්තකට යොමු කරන්න හදනවා. ප්‍රහාරයට සම්බන්ධ දේශපාලන හා ජාත්‍යන්තර බලවේග තියෙනවා.අසාද් මව්ලානා එම බලවේග බේරගන්න උත්සාහ කරනවා ද යන්න පිළිබඳ සැකයක් තියෙනවා.

පසුගිය කාලයේ මම සිරගත වෙලා සිටියා. සිරකරුවෙකුට මෙවැනි දෙයක් සංවිධානය කළ හැකි ද? මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කෙටි කාලයකින් නිර්මාණය කළ හැකි ද? මම දන්නවා, මට අත්දැකීම් තියෙනවා කෙටි කාලයකින් මෙහෙම දෙයක් සංවිධානය කරන්න බැහැ. විපක්ෂ නායකවරයා සඳහන් කළ පරිදිම අසාද් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඉල්ලා සිටිනවා" යනුවෙන් ය.

කෙසේ වෙතත්, පසුව රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒ සම්බන්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.


පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත මොකක්ද?.. ආන්දෝලනාත්මක චැනල් 4 නාලිකාවේ වීඩියෝව.. (VIDEO)


ReeCha