තව තවත් මුහුද රළුයි- කාළගුණයෙන් අවදානාත්මක රතු නිවේදනයක්
පවතින තද සුළං සහ මුහුද අවට ප්‍රදේශ රළු වීම හේතු කොටගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කොට තිබේ.
ඒ අනුව මෙම නිවේදනය කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 - 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3ත් අතර විය හැකිය. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.
ඉදිරි පැය 24 සඳහා කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන නාවික සහ ධීවර ප්‍රජාවන්ට අනතුරු ඇඟවීම් සිදුකොට ඇත.
මේ අනුව පවතින තත්ත්වය හේතුකොට ගෙන ඉදිරි කාලගුණික තත්ත්වයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
