අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රතු එළියක්
Ministry of Education
Education
Sinhala news
By Hashini
අධ්‍යාපන , උසස් හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
නියෝජ්‍ය මාතය මධුර සෙනෙවිරත්න සඳහන් කලේ මේ වන විට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පුර්ණයෙන් නතර කර ඇති බවයි.
ඔහු ප්‍රකාශ කර සිටියේ එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ලමුන් ඇතුලත් කිරීමේදී ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන් බවට පැමිණිලි ලැබී ඇති බවයි.
එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙසයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
