නවක වද පනතෙන් අවුරුදු පහක කාලයක් තුල කිසිදු නඩුවක් දාලා නෑ - හරිනි (VIDEO)

Report

 අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය පවසන්නේ නවක වදය සහ වෙතත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ පසුගිය අවුරුදු පහක කාලය ඇතුළත කිසිදු විශ්වවිද්‍යාලයක් නඩු පැවරීම් සිදු කර නොමැති බවයි.

අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක නවක වදය සම්බන්ධයෙන් ප්‍රශ්න යොමු කර සිටියා.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථපිත කරන ලද විශ්වවිද්‍යාල 17 වෙතින් ලබා ගන්නා ලද තොරතුරු අනුව මේ වන විට කිසිදු විශ්වවිද්‍යාලයක් පසුගිය වසර 5 තුළ 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ නඩු පැවරීම් සිදු කර නොමැති බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ නවක වද සිදුවීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මය හා සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානය මඟින් 2022 වසරේදී පර්යේෂණයක් සිදු කර ඇති බවත් එම පර්යේෂණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර ඇති බවත්ය.   

 

හෙට දිනයේ පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

හෙට දිනයේ පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක