ප්‍රධාන බැංකු 02කට හදිසියේම කරන්න යන දේ මෙන්න..ගිණුම් හිමියන්ට කුමක් වෙයි ද?

Report

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකිණීමට රජය තීරණය කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරනවා.

ප්‍රධාන බැංකු 02කට හදිසියේම කරන්න යන දේ මෙන්න..ගිණුම් හිමියන්ට කුමක් වෙයි ද? | A Red Light For Two Major Banks

සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පෙන්වා දෙන්නේ, පාඩු ලබන ආයතනයන් කියමින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම් ආරම්භ කර ඇති බවත්, පසුගිය වසරේදී ලංකා බැංකුව බිලියන 30ක්ද මහජන බැංකුව බිලියන 20ක්ද වශයෙන් ලාභ ලබා ඇති බවත් පෙන්වා දෙයි.

ප්‍රධාන බැංකු 02කට හදිසියේම කරන්න යන දේ මෙන්න..ගිණුම් හිමියන්ට කුමක් වෙයි ද? | A Red Light For Two Major Banks

තවද, මේ වසර තුළදී මෙම බැංකු දෙක රුපියල් බිලියන 20ට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට බදු ගෙවා ඇතැයිද සඳහන් ඒ මහතා සදහන් කළා.

මීට අමතරව මෙතෙක් කලක් බුක්ති විඳි සාමුහික ගිවිසුම් ආණ්ඩුව තහනම් කර ඇතැයිද පෙන්වා දෙන සභාපතිවරයා රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව ලබන 02 වන දා බස්නාහිර පළාත තුළ සේවය කරන සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.