රැකියාගත විශාල පිරිසකට දැඩි අවධානම් තත්ත්වයක්..වහාම මේගැන අවධානය යොමුකරන්න..

Report

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් අඩක් දැනටමත් වසා දමා ඇතැයි නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනය සඳහන් කර සිටිනවා.

මෙරටට ලැබෙන ලැබෙන ඇඟලුම් ඇනවුම් ප්‍රමාණය අඩුවීම හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි එහි ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

රැකියාගත විශාල පිරිසකට දැඩි අවධානම් තත්ත්වයක්..වහාම මේගැන අවධානය යොමුකරන්න.. | A Red Light For Those In The Clothing Industry

දැනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ආදායම සියයට 25 කින් පමණ අඩු වී ඇති බවද පවසන ඔහු ඒ හේතුවෙන් ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි කියා සිටියේ.

දැනටමත් මහා පරිමාණ ආයතන දහයක් පමණ වන්දි ලබාදී සේවකයන් ඉවත් කර ඇති බවත් ඇතැම් ආයතන විසින් කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන සිදු නොවුණත් තම තැන්පතු මගින් සේවකයන්ට පූර්ණ හෝ අර්ධ වැටුපක් ලබා දී නිවෙස්වල රඳවා ඇති බවයි හෙතෙම පවසා සිටියේ.

රැකියාගත විශාල පිරිසකට දැඩි අවධානම් තත්ත්වයක්..වහාම මේගැන අවධානය යොමුකරන්න.. | A Red Light For Those In The Clothing Industry

බොහෝදුරට එළඹෙන දෙසැම්බර් මාසයෙන් පසුව මහා පරිමාණ කර්මාන්ත ශාලා සියයට විස්සක් පමණ මාස තුනක පමණ කාලයක් දක්වා වසා තැබීමට තීරණය කරනු ඇති බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළා.

රැකියාගත විශාල පිරිසකට දැඩි අවධානම් තත්ත්වයක්..වහාම මේගැන අවධානය යොමුකරන්න.. | A Red Light For Those In The Clothing Industry