ප්‍රදේශ රැසක තරුණියන් ගණිකා වෘත්තියේ යෙදී කොටුවෙයි...අවසානයේ සිදුවූ දේ.
Police
Colombo
Sexual girl
a-prostitution-racket
By Aruna
කටාන, අක්කර 50 ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ ගණිකා වෘතියේ නියැලීමට එම ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරියන් 21, 23, 24, 36, 41 සහ 47 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
ඔවුන් මීගමුව, එප්පාවල, අනුරාධපුරය, ගොඩකවෙල, බකිණිගහවැව සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ පදිංචිකාරියන්.
ඔවුන් අද (04) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
