පොලිස් නිලධාරියෙකුගෙන් කාන්තාවකට අමානුෂික ප්‍රහාරයක්..කාන්තාවට බරපතලයි.

MATARA KABURUPITIYA POLICE ATTACK GENERAL HOSPITAL MATARA KATUKOTUVILA
By Sewvandhi Dec 02, 2021 02:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතර - කඹුරුපිටිය - කටුකොටුවිල - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ඉඩම් ආරවුලක් මත පොලිස් නිලධාරියෙකු, ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් කාන්තාවකට සහ ඇගේ දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීමෙන් ඇයගේ හිසට සහ ඇස්වලට බලපෑම් සිදුව ඇති බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අද මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිත බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර - කඹුරුපිටිය - කටුකොටුවිල - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු මවක් සහ ඇගේ 14 හැවිරිදි වැඩිමහල් පුත්‍රයායි. අදාළ කාන්තාව විසින් නිරවුල් නො වූ ඉඩමක වැසිකිළි වළක් කැපීමට යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමත් සමඟ මෙම පහරදීම සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඹුරුපිටිය පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. එහෙත්, පහර කෑමට ලක් වූ කාන්තාවගේ ඥාතීන් චෝදනා කළේ, පැමිණිලි කිරීම සඳහා කඹුරුපිටිය පොලිසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු නො කළ බවට යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW