පාසල් සිසුන්ගේ දිවෙන් ඉඳුල් සුද්ධ කළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන.
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය විසින් 10 ශ්‍රේණියේ සිසුන් කිහිපදෙනෙකුට ඉඳුල් ආහාර දිවෙන් ඉවත් කිරීමට නියෝග කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යය තුළවීඩියෝවක් හුවමාරු වුණා.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරමින් පවතින බවයි පොලිසිය පවසන්නේ.
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කලාපයක පාසලක සිසුන් දිවා ආහාරයෙන් පසු ආහාර ලබා ගැනීමට යොදාගත් ඩෙස් මත ආහාර ඉඳුල් හලා තිබීම නිසා ඒවා ඉවත් කර පිරිසුදු කරන ලෙස කාලයක සිට විදුහල්පතිනිය සිසුන්ට අවවාද කර ඇති බවද සඳහන්.
කෙසේ වෙත්ත අවවාදය නොපිළිගෙන ආහාර ගැනීමෙන් පසු ඩෙස් බංකු පිරිසුදු නොකර ඉඳුල් එම ඩෙස් මත දමා යාම නිසා එම පාසලේ විදුහල්පතිනිය විසින් මතක හිතෙන දඬුවමක් ලබා දෙන බව පවසාමෙම දඬුවම ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ දරුවන්ට ලබාදෙන දඬුවම් තවත් පාසල් සිසුවෙකු ජංගම දුරකතනයක් ආධාරයෙන් වීඩියෝ කර ඇති බව ද පසුව සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව ගුරුවරු පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |