ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා සිරගත කළ කවියා මියයයි

covid19 Iran poetry Baktash Abtin
By Sewvandhi Jan 09, 2022 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉරානයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඩුවම් විදිමින් සිටි ඉරාන කවියකු මෙන්ම සිනමාකරුවකු ද වන බක්ටෑෂ් අබ්ටින් 'කොවිඩ් 19' ආසාදනය වී මිය ගොස් තිබෙනවා.

බන්ධනාගාරයේ දී 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී දැඩි ලෙස ගිලන් වුණු 48 හැවිරිදි බක්ටෑෂ් අබ්ටින් තෙහෙරාන් රෝහලකට ඇතුළත් කළ නමුත් ඔහු මියගිය බවත් ඔහු දින ගණනක් සිහිසුන් තත්ත්වයේ පසුවුණු බවත් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ. 

බක්ටෑෂ් අබ්ටින් එවින් බන්ධනාගාරයේ රැදෙවියෙකුව සිටි අතර, ඔහු 'කොවිඩ් 19' ආසාදිතයකු බවට පත් වුයේ පසුගිය දෙසැම්බරයේයි. 

බන්ධනාගාර නිලධාරීන් බක්ටෑෂ් අබ්ටින්ගේ අසනීප තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවත්, ඔහු රෝහල්ගත කළේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසුව බවත් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගනවා. 

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන 18 ක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනිට ලිපියක් යවමින් පවසා ඇත්තේ, අබ්ටින් ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙසයි.  කෙසේ නමුත් එය ඵලක් වී නොමැති බව ද පැවැසෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now