ලෝකප්‍රසිද්ධ තවත් ප්‍රබලයෙක් ගුවන් යානය සමග අතුරුදහන් වෙයි..ලොවම කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)

Plane Crash Accident Death World
By Aruna Jun 11, 2024 04:12 AM GMT
Aruna

Aruna

Report

ලොව ප්‍රසිද්ධ නායකයන් ගැන ගෙවී ගිය කාලයේ අහන්න ලැබුණේ ඒ තරම් සුභදායි ආරංචි නොවෙයි. ඊට සමීප සිදුවීම ලෙස වාර්තා වුනේ, ලෝක ප්‍රසිද්ධ ඉරාන ජනපති ගමන්ගත් ගුවන් යානය අභිරහස් ලෙස කඩා වැටී ඔහු මිය යෑමයි.

ඒ වගේමයි, මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ ප්‍රභූ චරිතයක් වටා බැඳුනු අභිරහස් සිදුවීමක්.

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)


ඒ මලාවි උප ජනාධිපති Saulos Klaus Chilima ඇතුළු 09 දෙනෙක් ගමන් ගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බවට මේවන විට විදෙස් මාධ්‍ය වාර්තා පැවසීමයි.

විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ, අතුරුදන් වූ ගුවන් යානය සොයා ගන්නා තෙක් සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි.

51 හැවිරිදි Chilima ඊයේ උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් වී ඇති බවයි මලාවි ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..


විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, යානය රේඩාර් පද්ධතියෙන් ඉවතට ගිය දා සිට යානය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ගුවන් සේවා බලධාරීන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බවයි. කෙසේවෙතත් අතරුදන් වූ මෙම ගුවන් යානය පෙරවරු 10 ට Mzuzu ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබුණා.

GalleryGalleryGallery